හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!
හිරු
ගිහින් වෙන මන්දාකිනියක් හොයන්
දුවපියවු
දුවපියවු වෙන මන්දාකිනියක් හොයන්
බ්‍රමනයක්
පරිබ්රමනයක් නොවෙනා ලෝකයක්
කළුවරම
කළුවරම ජිවිතයක් , දුවපියවු දුවපියවු හැංගියවු
නැතිවුන
තරාදියක් හොයනා
හිස
සිදිනලද සුදු වතක් ඇදි යුවතියක්
අහිංසකයක්
ගේ හදවතට එල්ල වුන සාධාරනය අසිපතක්
ආලවක
ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු
දුක්
කදුලු, සතුටු හිනහා අරන් ගලනා ගංඟා හතරක්
ඒ
අතරින් පිහිනනා සාමාන්‍ය මාලුවන්
ප්‍රජාත්‍රන්තවාදී
බිලී කොක්කක්
බැටන්
පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු
සුදු
වතක් ඈදි යුවතියක් සුදු රෝසමලක්
පස් කණ්ඩියක් මත වැටෙනා කදුලු බිදුවක්
තුවක්කුවක්
මත් යකඩ හිස් වැසුමක්
තවත්
එක් ස්මාරකයක්
ඇගිලි
මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු
දොර
ජනෙල් වැසූ කාමරයක්
පිච්ච
මල් දැමු වතුර කලයක් , හිමිදිරියක්
යකඩෙන්
තැනූ විලංගු දැමිය හැකි යට ඇදුමක්
මාර
කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු
හිරු
පැනල දුවලා වෙන මන්දාකිනියක් හොයන්
සදු
හැංගිලා කළුව්වරේ
මාව
හංගලා කළුවර කාමරේ ...............