Sunday, February 2, 2014

ගිනිගත් සමනලුන්






යදම් සිදිගොස් ඔවු
සිද දමා  ගොස්

තවත් ඔන්චිල්ලාවක්

ඔන්චිලි ඔන්චිල්ලේ
නෙල්ලි කැලේ
වැලි මත කදුළු බින්දුවක්
නෑ ලේ බිංදුවක්

නෑ තාම ඇඩුවේ නැ

ඔන්චිලි ඔන්චිලි ඔන්චිල්ලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ලේ බින්දූ විසිරිලා

ගිනිගත් සමනලුන්
මල් මත රොන් සොයන්
බාදුරා මල් කැලේ යනගමන්
උන් ගිහින්

වැලි මතින් කොන්ඩ කටුවක් මතුවෙලා
කෙහෙරලක් නෙල්ලි අත්තක එල්ලිලා
මුතු පොටක් වැලි මත ඉසිරිලා

ගිනිගත් සමනලුන්
මල් මත රොන් සොයන්
බාදුරා මල් කැලේ යනගමන්
උන් ගිහින් යදම් බිදදමා

මොනරු මත ගොඩවෙලා
උන් ගිහින් කම්බි කුරු අතරින් රිංගල

තව ඔන්චිල්ලාවක් ඉතුරුයි
උන් ආයෙත් එයි

එත් රෝස කැලේ ආයෙත් මල් පිපෙන් නෑ

Thursday, August 29, 2013

පළායන්නා



පළායන්නා   




රනබිමේ වෙඩිහඩ අතරින්

දොයි දොයි දොයි දොයිය බබා

මර බියන් ගිනි ගෙන දැවෙනා හදවතට මවු කිරි බිදක්

විරත්වය නායයෑමක් 

දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  උබෙ අම්මා කිරට ගියා කිරි එරවා එන්ට ගියා දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා ඩොන් ඩොන්  දුවපියවු  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා  දොයි දොයි දොයි දොයිය බබා බයි බයි බයි බයිය බබා ඩොන් ඩෝන් ඩෝන්  දුවපියවු 


නැවතියන් නැවතියන් බයගුල්ලා

යුද්ද කරපන්

වෙඩිතියපන්

ආපහු හරිල දුවන බයගුල්ලා

රට වෙනුවෙන් ලේ හලපන් 

මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ අම්මා මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ රට මගේ මගේ රට මගේ රට මගේ රට මගේ අම්මා මගේ අම්මා , ඔවු මම දුවගෙන එන්නවා


ගර්භාශයක්  ඉලක්කයක්

යකඩ උන්ඩයක්

බයිනෙත්තුවකට  දැනිලා මවු කිරි සුවදක්

මරු කතරේ මවු කිරි නමින් හමනා සුලි සුලගක්

නුල කැඩුනු විරත්වයේ සරුංගලයක් 


ඩොන් ඩොන් ඩොන් අම්මේ ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන් ඩොන්  අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ අම්මේ


තොපි මට වෙඩි තියපියවු

මම බයගුල්ලෙක් , මම නවතින් නෑ මම දුවනවා

මගෙ පාර හරස් කරන හැම එකාටම වෙඩි තියාගෙන

මම යනව අම්ම ගාවට

මරන බය අස්සේ මගෙ අම්මගේ කදුලු මගේ කම්බුල් මත ………………………..

ඔවු මම ආපහු හැරෙනවා

U හැරවුමක් නෙමේ

ලක්ශයක් මත 360 ක්

මගේ අම්මටත් දරු දුක දැනෙනෙවා

වැලි කතර වගේම වැහි බිංදු හින දකිනවා වගේ 


මෝටාර් වැදිල කරටිය කැඩුනු තල් ගහක් පාස් කරන් මම දුවනවා

අම්ම ගාවට 


මතක තියා ගනිල්ලා

උඔලගෙ  අම්මලගේ ජිවිත වෙනු වෙනුත්

මගේ අතේ ලේ ගෑවුනා කියලා 


මම තවත් තුවක්කුවක් ඇහිද ගත්තා ………………..

Wednesday, August 14, 2013

වැලන්ටයින්ගේ තුවක්කුවෙන් රොමියො ජුලියට්ගේ ඔලුවට වෙඩි තියලා





වැලන්ටයින්ගේ  තුවක්කුවෙන් රොමියො ජුලියට්ගේ ඔලුවට වෙඩි තියලා  



ගිනි බටේ රෝස මල් පෙත්තක්

වැලන්ටයින් දැක්කද දන්නෑ, රෝමියෝ වෙඩිතියල

ජුලියට්ගේ ඔලුවට

පොපි මල් පෙත්තක රෝස කටුවක් ඇනිලා 

බූට් සපත්තුවට සමනලයක්  පෑගිලා


මතකයි .....  ඔවු මතකයි

එදා ඒකිගේ ඇස්  වෛයිරයන් පිරුනට

අගුලු දාපු ආදරේ මම දැක්ක

කකුලට වෙඩි තිබ්බෙ දනින් වට්ටන්න නෙමේ කියල මම දන්නවා

වෛයිරය අස්සෙන් ආදරය කදුලු බිංදු බිම වැටිලා

වෙනදා වගේම දුවිල්ලට වැහිල ගියා 
අඩි පාරවල් ඉතුරු උනා 

එදා උන් දින්නට ඒකි පරාදයි 


අපි ආයෙත් අලිමංකඩ

මම ඒකිට වෙඩි තිබ්බේ අපේ එකෙක් වෙඩි තියනවා බලන්න බැරි හන්දා

සයිනයිට් කනවා බලන්න බැරි හන්දා

ඒත් ඒකි සයිනයිට් කෑවේ නෑ

ඒකිගේ  හිතේ පුල්ලි නෑ

මම ඒකිගේ ඔලුවටම වෙඩිතිබ්බා

ඒකී දැගලුවෙත් නෑ

වැලන්ටයින් දැක්කද දන්නෑ

මට රෝමියෝ වෙන්න බෑ

මම මැරෙන්නෑ , මම ඒකිගේ ආදරේ හිතේ තියාගෙන ජිවත් වෙනවා

මට වෙඩි තියන්න බෑ ඉලක්කේ බොද වෙනවා

අලිමංකඩ සර්ල දින්නට මම පරාදයි

සර්……  


තල්ගස් අස්සෙන් හද පායනකොට ගොඩක් ලස්සනයි ....




Wednesday, July 31, 2013

හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!









හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!



 

හිරු ගිහින් වෙන මන්දාකිනියක් හොයන්
දුවපියවු දුවපියවු වෙන මන්දාකිනියක් හොයන්
බ්‍රමනයක් පරිබ්‍රමනයක් නොවෙනා ලෝකයක්
කළුවරම කළුවරම ජිවිතයක් , දුවපියවු දුවපියවු හැංගියවු 

නැතිවුන තරාදියක් හොයනා 
හිස සිදිනලද සුදු වතක් ඇදි යුවතියක්
අහිංසකයක් ගේ හදවතට එල්ල වුන සාධාරනය අසිපතක්

ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු

දුක් කදුලු, සතුටු හිනහා අරන් ගලනා ගංඟා හතරක්
ඒ අතරින් පිහිනනා සාමාන්‍ය මාලුවන්
ප්‍රජාත්‍රන්තවාදී බිලී කොක්කක්

බැටන් පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු

සුදු වතක් ඈදි යුවතියක් සුදු රෝසමලක්
පස්  කණ්ඩියක් මත වැටෙනා කදුලු බිදුවක්
තුවක්කුවක් මත් යකඩ හිස් වැසුමක් 

තවත් එක් ස්මාරකයක්



ඇගිලි මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු

දොර ජනෙල් වැසූ කාමරයක්
පිච්ච මල් දැමු වතුර කලයක් , හිමිදිරියක්
යකඩෙන් තැනූ විලංගු දැමිය හැකි යට ඇදුමක් 

මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු

හිරු පැනල දුවලා වෙන මන්දාකිනියක් හොයන්
සදු හැංගිලා කළුව්වරේ
මාව හංගලා කළුවර කාමරේ ...............