Wednesday, July 31, 2013

හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!









හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!



 

හිරු ගිහින් වෙන මන්දාකිනියක් හොයන්
දුවපියවු දුවපියවු වෙන මන්දාකිනියක් හොයන්
බ්‍රමනයක් පරිබ්‍රමනයක් නොවෙනා ලෝකයක්
කළුවරම කළුවරම ජිවිතයක් , දුවපියවු දුවපියවු හැංගියවු 

නැතිවුන තරාදියක් හොයනා 
හිස සිදිනලද සුදු වතක් ඇදි යුවතියක්
අහිංසකයක් ගේ හදවතට එල්ල වුන සාධාරනය අසිපතක්

ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු

දුක් කදුලු, සතුටු හිනහා අරන් ගලනා ගංඟා හතරක්
ඒ අතරින් පිහිනනා සාමාන්‍ය මාලුවන්
ප්‍රජාත්‍රන්තවාදී බිලී කොක්කක්

බැටන් පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු

සුදු වතක් ඈදි යුවතියක් සුදු රෝසමලක්
පස්  කණ්ඩියක් මත වැටෙනා කදුලු බිදුවක්
තුවක්කුවක් මත් යකඩ හිස් වැසුමක් 

තවත් එක් ස්මාරකයක්



ඇගිලි මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු

දොර ජනෙල් වැසූ කාමරයක්
පිච්ච මල් දැමු වතුර කලයක් , හිමිදිරියක්
යකඩෙන් තැනූ විලංගු දැමිය හැකි යට ඇදුමක් 

මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු

හිරු පැනල දුවලා වෙන මන්දාකිනියක් හොයන්
සදු හැංගිලා කළුව්වරේ
මාව හංගලා කළුවර කාමරේ ...............

Saturday, July 27, 2013

රොබින්සන් කෲසෝ




රොබින්සන්  කෲසෝ

 

රොබින්සන්  කෲසෝගෙ නැව ගිලුනා ඉන්දිය සාගරේ

පීනන් ඇවිදින් ගොඩවුනි තම්බපන්නියෙ

බිකිනි ඇදන් කුවේනි නානවා බීච් එකේ

සිංහ  හම ගැලවෙයි දුටුවිට දිස්නය පිටරට කාසියේ

ප්‍රිති විකුනයි කොල්ලෝ ඉදගෙන බංකුවේ 


චුටි පැටවු වැලි මාලිගා හදනවා වෙරල තිරයේ

හයිවේ එකට වැලි ගොඩදානවා කෙලවරේ

ටිපර් රොදෙට වැලිමාලිග පොඩිවෙයි විසුනුවේ 


සිසිලස සොයා ජොඩු රිංගයි  වැටකෙයිය කැලේ

රාග ගින්න ඇවිලෙයි වැටකෙයිය කැලේ

කොන්ඩම් එල්ලෙයි වැටකෙයියා පදුරේ කටු දිගේ

තරු පටි ඇවිදින් මංචු දානවා   රාගයේ

ලොක්කන්ගෙ පුතාලා හෙලුවෙන් නානව නිදහසේ 

ලොකු ලොක්කො ඇවිත් කුඩු බානවා වෙරල කෙලවරේ


විස්කි බ්‍රන්ඩි වෙරල තීරයේ

ගල් අරක්කු හැංගෙයි ගල්පරේ

රට සිකරට් දුම හමයි නිදහසේ

ගොල්ලිෆ්, බිඩි දුම බැ නිදහසේ

පට්ට ආතල්

රොබින්සන් කෘසෝ පිනයි පිස්සු සාගරේ



නයිස් අයිලන්ඩ් ඔයි 

මේ විසිට් ශ්‍රි ලංකා .................. ඔයි 

Monday, July 22, 2013

රෝස මල් කන්‍යාවිය සහ කළලය





රෝස  මල් කන්‍යාවිය සහ කළලය



හිමිදිරියක, රෝස මලක් ,ජනෙලයක්
මල් පිපිලා, ඔවු ,කලු පාට රත්තරන් රෝස  මලක්
එක වරකට එක මලයි,
හිමිදිරියක්, රත්තරන් රෝස  මලක් ,ජනෙලයක් , ඈ  
ඈ ජනෙලය අසල
වතුර කොප්පෙක කලු වෙලා පන අදින රත්තරන් රෝස මල
රෝස  ගහ මුල පරවෙලා රොස ගහටම පෝර වෙන්න
මියදුන රෝස මල් කන්‍යාවිය සුදානම්
හහ් හහ් හා එක මාරයි රෝස  මල් කන්‍යාවිය,සමනලයක් නොවසපු
ඔවු, රෝස  ගහ හමදාමත් කන්‍යාවියක් , සමනලයක් නොවසපු
උඔ හමදාම කන්‍යාවියක්,මරෙනකම්ම,
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක් , ඈ ,වතුර කොප්පෙක රත්තරන් රෝස මලක්
හිරු එලිය ඈගෙ නිරුවත් දෙපාවල හෙවනැල්ලක් මවල
හිරිගඩු පිපෙනව හෙවනල්ලෙන් හංගන්න බැ, හැමදෙම එහෙමයි
රෑට හෙවනැල්ල අංදයි
කමරේ මුල්ලක යට ඇදුමක් ,විසිකරලද ?
නෑ යකෝ,ජනෙලෙන් එලියට පේනවට හංගල
යට අදුම උඩ සිකරට් කොට දෙකක්, විසිකරලද ? 
නෑ යකො, පුච්චලා , ඌ එකෙන් පුච්චලා
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක්, අඩන දරුවෙක්
අවජාතකයක්
ජනෙලෙන් එලියට ඇහෙන්නයි කියන්නෙ
ඌ අවජාතකයක් නෙමෙයි, ඌ මගෙ බඩෙ හදුන එකෙක්
ඌට අප්පෙක් ඉන්නව,ඌ පරාගනයන් හදුනෙ නෑ
අම්මෙක් ඉන්නවා පොඩි එකාට
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක්, ඈ, ඇද උඩ වහපු මැස්සෙක්
ඇද රෙද්ද පොඩිවෙලා,
ඇද රෙද්දෙ පැල්ලම් පිරිලා , ඔවු ඒව උඩ මැස්සො වහල

මැස්සො, උන් කුනුගොඩවල් හොයගෙන අවිත් වහනවා
නාන කමරේ  දොර  ඇරිලා,වමනෙ ගදයි
ඒ වමනෙ ගද ජිවිතේ පුරාවටම එයි
නෑ ඒ යකෙක් ,ඌට මගෙ බඩෙන් එලියට එන්න බෑ
මට උගෙන් පලිගන්න ඔනේ  ඌ මට ගොඩක් රිද්දුවා  
අම්මෙක්, ඔවු මම අම්මෙක්, එකත් තව දරුවෙක් වෙයි
සිකරට් අළු ඇදේ පිරිලා
අම්මට මිනිහා හදා ගන්නත් බෑ,හොර මිනිහ හදා ගන්නත් බෑ
ජනෙලෙන් එලියත් සිකරට් කොට
රෝස  ගහ මුල සිකරට් කොටයක් 

ඌ රෝස  ගහ දැක්කද දන්නෑ?