Sunday, February 2, 2014

ගිනිගත් සමනලුන්






යදම් සිදිගොස් ඔවු
සිද දමා  ගොස්

තවත් ඔන්චිල්ලාවක්

ඔන්චිලි ඔන්චිල්ලේ
නෙල්ලි කැලේ
වැලි මත කදුළු බින්දුවක්
නෑ ලේ බිංදුවක්

නෑ තාම ඇඩුවේ නැ

ඔන්චිලි ඔන්චිලි ඔන්චිල්ලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ලේ බින්දූ විසිරිලා

ගිනිගත් සමනලුන්
මල් මත රොන් සොයන්
බාදුරා මල් කැලේ යනගමන්
උන් ගිහින්

වැලි මතින් කොන්ඩ කටුවක් මතුවෙලා
කෙහෙරලක් නෙල්ලි අත්තක එල්ලිලා
මුතු පොටක් වැලි මත ඉසිරිලා

ගිනිගත් සමනලුන්
මල් මත රොන් සොයන්
බාදුරා මල් කැලේ යනගමන්
උන් ගිහින් යදම් බිදදමා

මොනරු මත ගොඩවෙලා
උන් ගිහින් කම්බි කුරු අතරින් රිංගල

තව ඔන්චිල්ලාවක් ඉතුරුයි
උන් ආයෙත් එයි

එත් රෝස කැලේ ආයෙත් මල් පිපෙන් නෑ