Wednesday, July 31, 2013

හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!









හිරු ගිහින් ආලවක ඇහිදගෙන බැටන් පොල්ලක් ඇගිලි මාලයක් මාර කෙලියයි!!



 

හිරු ගිහින් වෙන මන්දාකිනියක් හොයන්
දුවපියවු දුවපියවු වෙන මන්දාකිනියක් හොයන්
බ්‍රමනයක් පරිබ්‍රමනයක් නොවෙනා ලෝකයක්
කළුවරම කළුවරම ජිවිතයක් , දුවපියවු දුවපියවු හැංගියවු 

නැතිවුන තරාදියක් හොයනා 
හිස සිදිනලද සුදු වතක් ඇදි යුවතියක්
අහිංසකයක් ගේ හදවතට එල්ල වුන සාධාරනය අසිපතක්

ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු

දුක් කදුලු, සතුටු හිනහා අරන් ගලනා ගංඟා හතරක්
ඒ අතරින් පිහිනනා සාමාන්‍ය මාලුවන්
ප්‍රජාත්‍රන්තවාදී බිලී කොක්කක්

බැටන් පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු

සුදු වතක් ඈදි යුවතියක් සුදු රෝසමලක්
පස්  කණ්ඩියක් මත වැටෙනා කදුලු බිදුවක්
තුවක්කුවක් මත් යකඩ හිස් වැසුමක් 

තවත් එක් ස්මාරකයක්



ඇගිලි මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු

දොර ජනෙල් වැසූ කාමරයක්
පිච්ච මල් දැමු වතුර කලයක් , හිමිදිරියක්
යකඩෙන් තැනූ විලංගු දැමිය හැකි යට ඇදුමක් 

මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු

හිරු පැනල දුවලා වෙන මන්දාකිනියක් හොයන්
සදු හැංගිලා කළුව්වරේ
මාව හංගලා කළුවර කාමරේ ...............

6 comments:

  1. මේ පෝස්ට් එක මුලින් වැටිලා තිබුනේ නැහැ.උඹ නියමෙට ලියනවා.කවුරුත් මේක දැක්කේ නැහැමගේ හිතේ.

    ReplyDelete
  2. ඇගිලි මාල දාගත්ත තාපසයො තමා වස විස නැති වතුර උගුරක් ඉල්ලපු රතුපස්ගම වැසියන්ට ඊයේ නෙලුවෙ.

    ReplyDelete
  3. ඔවු මචං, මම මේ පොස්ට් එක ලගදී දැම්මේ, මාව කට්ටියට අදුනල දුන්නට මාතලන්ට ගොඩක් ස්තුති කරනවා මම.

    ReplyDelete
  4. "මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු"

    හ්ම්...
    වෙනසක් අළුත්...!

    ReplyDelete
  5. මේ කවිය පුලුවන් නම් බූන්දියට යවන්න.

    බූන්දියට කවි ලියන රැඩිකල් කවියන්ගේ ශෛලියක් මේ කවියේ තියෙන්නේ . .

    මම නම් හරිම කැමතියි මේ ශෛලියට . .

    සුපිරි ලියවිලක් ඔක්සිජන් . . සිරාවටම . .

    ජය වේවා . . . දිගටම ලියහන්

    ReplyDelete