Monday, July 22, 2013

රෝස මල් කන්‍යාවිය සහ කළලය





රෝස  මල් කන්‍යාවිය සහ කළලය



හිමිදිරියක, රෝස මලක් ,ජනෙලයක්
මල් පිපිලා, ඔවු ,කලු පාට රත්තරන් රෝස  මලක්
එක වරකට එක මලයි,
හිමිදිරියක්, රත්තරන් රෝස  මලක් ,ජනෙලයක් , ඈ  
ඈ ජනෙලය අසල
වතුර කොප්පෙක කලු වෙලා පන අදින රත්තරන් රෝස මල
රෝස  ගහ මුල පරවෙලා රොස ගහටම පෝර වෙන්න
මියදුන රෝස මල් කන්‍යාවිය සුදානම්
හහ් හහ් හා එක මාරයි රෝස  මල් කන්‍යාවිය,සමනලයක් නොවසපු
ඔවු, රෝස  ගහ හමදාමත් කන්‍යාවියක් , සමනලයක් නොවසපු
උඔ හමදාම කන්‍යාවියක්,මරෙනකම්ම,
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක් , ඈ ,වතුර කොප්පෙක රත්තරන් රෝස මලක්
හිරු එලිය ඈගෙ නිරුවත් දෙපාවල හෙවනැල්ලක් මවල
හිරිගඩු පිපෙනව හෙවනල්ලෙන් හංගන්න බැ, හැමදෙම එහෙමයි
රෑට හෙවනැල්ල අංදයි
කමරේ මුල්ලක යට ඇදුමක් ,විසිකරලද ?
නෑ යකෝ,ජනෙලෙන් එලියට පේනවට හංගල
යට අදුම උඩ සිකරට් කොට දෙකක්, විසිකරලද ? 
නෑ යකො, පුච්චලා , ඌ එකෙන් පුච්චලා
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක්, අඩන දරුවෙක්
අවජාතකයක්
ජනෙලෙන් එලියට ඇහෙන්නයි කියන්නෙ
ඌ අවජාතකයක් නෙමෙයි, ඌ මගෙ බඩෙ හදුන එකෙක්
ඌට අප්පෙක් ඉන්නව,ඌ පරාගනයන් හදුනෙ නෑ
අම්මෙක් ඉන්නවා පොඩි එකාට
හිමිදිරියක් ,කන්‍යාවියක්, ජනෙලයක්, ඈ, ඇද උඩ වහපු මැස්සෙක්
ඇද රෙද්ද පොඩිවෙලා,
ඇද රෙද්දෙ පැල්ලම් පිරිලා , ඔවු ඒව උඩ මැස්සො වහල

මැස්සො, උන් කුනුගොඩවල් හොයගෙන අවිත් වහනවා
නාන කමරේ  දොර  ඇරිලා,වමනෙ ගදයි
ඒ වමනෙ ගද ජිවිතේ පුරාවටම එයි
නෑ ඒ යකෙක් ,ඌට මගෙ බඩෙන් එලියට එන්න බෑ
මට උගෙන් පලිගන්න ඔනේ  ඌ මට ගොඩක් රිද්දුවා  
අම්මෙක්, ඔවු මම අම්මෙක්, එකත් තව දරුවෙක් වෙයි
සිකරට් අළු ඇදේ පිරිලා
අම්මට මිනිහා හදා ගන්නත් බෑ,හොර මිනිහ හදා ගන්නත් බෑ
ජනෙලෙන් එලියත් සිකරට් කොට
රෝස  ගහ මුල සිකරට් කොටයක් 

ඌ රෝස  ගහ දැක්කද දන්නෑ?



2 comments:

  1. කවියක් කියවන්නාට කැමති විදිහකින් තේරුම් ගනන් පුලුවන් නිසා මේ කටු අකුලේ රෝස කුසුම මම වෙනස් වෙනස විදිහවල් වලින් කියවනන් උත්සාහ කරනවා තාම . .

    ReplyDelete
  2. අනිවාරයම්ම වෙන්න ඔනෙත් ඒකමයි මචං

    ReplyDelete