Saturday, July 27, 2013

රොබින්සන් කෲසෝ




රොබින්සන්  කෲසෝ

 

රොබින්සන්  කෲසෝගෙ නැව ගිලුනා ඉන්දිය සාගරේ

පීනන් ඇවිදින් ගොඩවුනි තම්බපන්නියෙ

බිකිනි ඇදන් කුවේනි නානවා බීච් එකේ

සිංහ  හම ගැලවෙයි දුටුවිට දිස්නය පිටරට කාසියේ

ප්‍රිති විකුනයි කොල්ලෝ ඉදගෙන බංකුවේ 


චුටි පැටවු වැලි මාලිගා හදනවා වෙරල තිරයේ

හයිවේ එකට වැලි ගොඩදානවා කෙලවරේ

ටිපර් රොදෙට වැලිමාලිග පොඩිවෙයි විසුනුවේ 


සිසිලස සොයා ජොඩු රිංගයි  වැටකෙයිය කැලේ

රාග ගින්න ඇවිලෙයි වැටකෙයිය කැලේ

කොන්ඩම් එල්ලෙයි වැටකෙයියා පදුරේ කටු දිගේ

තරු පටි ඇවිදින් මංචු දානවා   රාගයේ

ලොක්කන්ගෙ පුතාලා හෙලුවෙන් නානව නිදහසේ 

ලොකු ලොක්කො ඇවිත් කුඩු බානවා වෙරල කෙලවරේ


විස්කි බ්‍රන්ඩි වෙරල තීරයේ

ගල් අරක්කු හැංගෙයි ගල්පරේ

රට සිකරට් දුම හමයි නිදහසේ

ගොල්ලිෆ්, බිඩි දුම බැ නිදහසේ

පට්ට ආතල්

රොබින්සන් කෘසෝ පිනයි පිස්සු සාගරේ



නයිස් අයිලන්ඩ් ඔයි 

මේ විසිට් ශ්‍රි ලංකා .................. ඔයි 

12 comments:

  1. සිංහයෝ සොයා අපි - යමු පෙරදිග මුදේ
    අතරමං වෙයිද අපි - එහි මැද මුතු ඇටයේ.......
    යකෝ.......
    එහි සිංහයෝ වදව ගිහින් - දන්නේ නැද්ද උබ
    යෙදුනත් උන් සංවාසයේ - බහුතරයක් උන් GAY......
    යෙදුනත් උන් සංවාසයේ - බහුතරයක් උන් GAY......

    ReplyDelete
  2. උඹ නියම කවියෙක්.. දැනි තියෙන නිර්මාණ එක්ක බැලුවම උඹ දහස් ගනනක් ඉදිරියෙන් ඉන්න එකෙක්. මම මගේ සින්ඩියෙන් පබ්ලිසිටියක් දෙන්නම්. බූන්දියට, රාවයට හා අනිත් පත්තර වලටත් නිර්මාණ යවපන්. අනාගතය පැහැදිලියි තරුණයා...

    අරින්න එපා.. මගේ සුභ පැතුම්

    ReplyDelete
  3. ආතල් කවි ටික. මාතලන් පාර කියූවේ.දිගටම ලියහන්.අපි එන්නම් කියවන්න
    හොඳ එකා වාගේ වර්ඩ් වරිෆිකේෂන් එක අයින් කරලා දෙන්න.

    ReplyDelete
  4. ච*සුපිරියි.!
    අපි ඉල්ලන්නෙ මේ වගෙ රස දේවල්.
    ආරපාරුවෙක්,දෙන්නෙක් කෙදිරි ගෑවට ගනන් ගන්නෙ නැතිව දිගටම ලියන්න.
    පොට් එක කිව්වෙ අප සැමගේ බොක්ක.
    ජය.!

    ReplyDelete
  5. මම උපරිමෙම්ම උත්සාහ කරනවා ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ටිකක් ගන්න තැනක් හදලා දෙන්න. මචං වැරැද්දක් දැක්කොත් කියපල්ලා.ලංකාවේ ගොඩක් උන් නිදහසේ හුස්ම ගන්න දන්නෑ

    ReplyDelete
  6. මාතලන් පෙන්නපු පාරෙන් ආවේ... නියම විදියට නියම තැනකින් සමාජය විනිවිද දකින ඔබට සුබ පැතුම් මිත්‍රයා.

    ReplyDelete
  7. ච ච චා...
    ච ච චා....
    චා චා චා

    චා කීවේ කැතයි කියන්න නෙමෙයි හොඳේ.මාතලන් තමා පාර පෙන්නුවේ. මම කරන්න කැමැති නමුත් මට කරන්න බැරි වැඩ කරන කවුරු මට නම් පොරක්.

    නියමයි.

    ReplyDelete
  8. ඔක්සිජන්.උඹ.....වදින විදිහට ලියන බව පේනවා.ඔක්සිජන් පැතිරේවා.....
    අජිත් කුමාරසිරිට ගයන්න පුලුවන් ජාතියේ එකක් මේක.

    ReplyDelete
  9. නියමයි ,,අද ආවේ මේ පැත්තේ ඔයා ගොඩක් හොදට ලියනවා සුබ පැතුම් ඈ

    ReplyDelete
  10. පට්ටනෙ...!!
    හුස්ම ගන්න ආපු පළවෙනි වතාව..

    ReplyDelete