Wednesday, August 14, 2013

වැලන්ටයින්ගේ තුවක්කුවෙන් රොමියො ජුලියට්ගේ ඔලුවට වෙඩි තියලා





වැලන්ටයින්ගේ  තුවක්කුවෙන් රොමියො ජුලියට්ගේ ඔලුවට වෙඩි තියලා  



ගිනි බටේ රෝස මල් පෙත්තක්

වැලන්ටයින් දැක්කද දන්නෑ, රෝමියෝ වෙඩිතියල

ජුලියට්ගේ ඔලුවට

පොපි මල් පෙත්තක රෝස කටුවක් ඇනිලා 

බූට් සපත්තුවට සමනලයක්  පෑගිලා


මතකයි .....  ඔවු මතකයි

එදා ඒකිගේ ඇස්  වෛයිරයන් පිරුනට

අගුලු දාපු ආදරේ මම දැක්ක

කකුලට වෙඩි තිබ්බෙ දනින් වට්ටන්න නෙමේ කියල මම දන්නවා

වෛයිරය අස්සෙන් ආදරය කදුලු බිංදු බිම වැටිලා

වෙනදා වගේම දුවිල්ලට වැහිල ගියා 
අඩි පාරවල් ඉතුරු උනා 

එදා උන් දින්නට ඒකි පරාදයි 


අපි ආයෙත් අලිමංකඩ

මම ඒකිට වෙඩි තිබ්බේ අපේ එකෙක් වෙඩි තියනවා බලන්න බැරි හන්දා

සයිනයිට් කනවා බලන්න බැරි හන්දා

ඒත් ඒකි සයිනයිට් කෑවේ නෑ

ඒකිගේ  හිතේ පුල්ලි නෑ

මම ඒකිගේ ඔලුවටම වෙඩිතිබ්බා

ඒකී දැගලුවෙත් නෑ

වැලන්ටයින් දැක්කද දන්නෑ

මට රෝමියෝ වෙන්න බෑ

මම මැරෙන්නෑ , මම ඒකිගේ ආදරේ හිතේ තියාගෙන ජිවත් වෙනවා

මට වෙඩි තියන්න බෑ ඉලක්කේ බොද වෙනවා

අලිමංකඩ සර්ල දින්නට මම පරාදයි

සර්……  


තල්ගස් අස්සෙන් හද පායනකොට ගොඩක් ලස්සනයි ....




9 comments:

  1. ඔව් උබ වේඩි තිබ්බ එක හොදයි. ආදරේ වෙනුවෙන් ගිනි බටෙන් වේඩි තිබ්බ එක හොදයි. ජුලියට් ගේ හෘද සාක්ෂියට වෙඩි නොතියා.

    ReplyDelete
    Replies
    1. එල මචං මට ඔනෙ උනෙත් එක

      Delete
  2. අලිමංකඩ ෆිල්ම් එකත් මතක් උනා.. ඒකේ නම් ආදරේ සතුටින් කෙලවෙර වෙනවා. ටොරොන්ටෝ වලද කොහෙද..? මට තියෙන ප්‍රශ්ණේ එහෙම ආදරයකට වෙඩි තියන්න පුළුවන්ද කියන එක ?

    ReplyDelete
    Replies
    1. මටත් අහන්න තියෙන්නෙ ඒක ම තමා.

      Delete
    2. වෙනනෙ එකෙක් මගෙ ආදරියට වෙඩි තියනවා බලන්න මට බෑ ඒකි මගෙ ඉස්සරහ සයිනයිට් කාල සියදිවි හානි කරගන්නවා බලන්න මට බෑ මම වෙඩිතියල දැම්මා හබැයි මම රනවිරුවෙක් නෙමෙයි.

      Delete
  3. හ්ම්...රයිට්..උඹ රෝමියෝ..ඒකි ජූලියට්...හැබැයි උඹට ෂුවර්ද තුවක්කුව වැලන්ටයින්ගෙම කියලා

    ReplyDelete
    Replies
    1. මචං තුවක්කුව රනවිරුවෙක්ගේ නම් නෙමෙයි.

      Delete
  4. පුලුවන් කමක් තියේ නම් කුමාරිගේ "ඔරොප්පු සාප්පාඩ" කවි පොත කියවන්න.

    මේ කවියේ ප්‍රස්තූනයේ ජාතියේ කවි ඒකෙත් තියෙනවා.

    හැබැයි කුමාරිගේ කවි තේරුම් ගන්න පහසුයි සරළයි . .

    ReplyDelete
  5. සයිබර් පිවිසුමේ දොර ඇරුනේ නෑ පොඩි සල්ලි මදිකමක් හින්දා එකයි මචං පිලිතුරු පරක්කු උනේ

    ReplyDelete